වෙබ් ලිපිනය:

Wednesday, July 15, 2015

රෝලට ණය ආර්ථිකේ...

ඉකොනොමැට්ටාගේ කඩේට ගොඩවදින සමහර යාළු මිත්තරයෝ පෞද්ගලිකව ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරති. ඒ අයගෙන් කෙනෙක් IQ Forum එකකින් උපුටාගෙන රසවත් ගැටළුවක් යොමුකර තිබේ. පහතින් ඇත්තේ එයයි.

"මෙය හෝටල් ප්‍රශ්නයකි. කතාව නම් ටිකක් දිගයි. ඒ සම්බන්දව සමාවෙන්න.

ඔබ දන්නවා ලංකාවේ හැම කෙනෙක්ම රුපියල් ලක්ෂ 4 ක් පමණ ලෝක බැංකුවට සහ චීනෙට ණය බව. ඉතින් හැමෝමත්, මේ වගේ එක එක්කෙනාට රෝලට ණය වෙලානේ ඉන්නේ...

ලංකාවේ ලස්සණ තැනක ඇති හෝටලයකට, ඇමරිකානු අණ්ඩපාලයෙක් කැමරාවක් අරගෙන එනවා. මිනිහා පොත දාලා හෝටලේ ඇතුලේ පින්තුර ගන්න එන්නේ. ඒ ඇවිත් හෝටලේ මැනේජර්ට කියනවා, 'මේ හෝටලේ හැම කාමරයක්ම බලලා, මම කැමතිම කාමරයක් තෝරා ගන්නවා' කියලා. මැනේජර් කියනවා ' හරි එහෙමනම් ඩොලර් සීයක් ගෙවන්න. ඔබට කැමති කාමරයක් තෝරා ගන්න. එහෙම ඔබට ගැලපෙන හොඳ කාමර නැතිනම්, ඒ සල්ලි නැවත ඔබට දෙනවා'...

ඉතින් ඇමරිකානුවා සල්ලි ගෙවලා කාමර බලන්න ගිය අතරේ, මැනේජර් ඒ ඩොලර් සීය, හෝටලේට බඩු ගේන කඩේට වෙච්ච ණයට හිලව්වට දුන්නා. කඩේ අයිතිකාරයා මස් ගේන මස් කඩේට ඩොලර් සීයක් ණයයි. ඉතින් දැන් ඒ සල්ලි මස් කඩේට ගියා. මස් කඩ කාරයා බේබද්දා... මිනිහා ටවුමේ තියෙන තැබෑරුමට ඩොලර් සීයක් ණයයි. දැන් සල්ලි තැබෑරුමේ අයිති කාරයාට ගියා. තැබෑරුම් අයිති කාරයාගේ චරිතේ හොඳ නැහැ. මිනිහ ප්‍රසිද්ධ ගණිකාවක් එක්ක සම්බන්දයි. හැබැයි ණයට තමා ඒ සේවය ගන්නේ. මේ වෙන කොට ඔහු ඇයට ඩොලර් සීයක් ණයයි. ඔන්න දැන් ගණිකාවට ඩොලර් සීය ගියා. ගණිකාව ඉතින් තමාගේ සේවය දෙන්නේ ඔය කියන හෝටලේට ගිහින්. එයා හෝටලේට ඩොලර් සීයක් ණය නිසා, ඒ ණය බේරන්න ඒ මුදල නැවත හෝටලේ මැනේජර්ට දුන්නා...

මේ අතරේ ඇමරිකානුවා වටේ බලලා ඇවිත් කිව්වා, කාමර හොඳ නැහැ, දුන් සල්ලි නැවත දෙන්න කියා. හෝටලේ මැනේජර් ඩොලර් සීය නැවත ඔහුටම දුන්නා...

දැන් ප්‍රශ්න මෙන්න මේවා. කාටද මේ ඩීල් එකෙන් ලාභ? පාඩු කාටද? ලාභ පාඩු නැති අයත් ඉන්නවද? ...?"

පිස්සු හැදෙන ආර්ථිකයක් නේද? බලාගෙන ගියාම හැමෝම හැමෝටම ණය වෙලාය. අවුල කොහෙන් ලිහිය හැකිදැයි නොතේරේ.

අණ්ඩපාලයෙක් වුණත් අන්තිමේ හැමෝවම ගොඩ දා ඇත්තේ අහක හිටිය ඇමරිකානුවාය. හැබැයි ඇමරිකානුවාත් වැඩේට එන්ටර් වී ඇත්තේ අත ලෙවකෑමට නොවේ.

ඇමරිකානුවාගේ සහ අනෙකුත් බටහිර සංචාරකයන්ගේ අපි කැමති නැති කෑල්ල ඔය කැමරාවයි. ඕවායින් පොටෝ අරගෙන ගිහින් ඇමරිකානුවා වාර්තා චිත්‍රපටියක් හදන්නට බැරි නැත. ඒ චිත්‍රපටියේ අනවශ්‍ය දේවල් තිබිය හැකිය. අනවශ්‍ය දේවල් කිවුවාට බොරුම නොවේ. ඇත්තටම කැමරාවේ සටහන් වන අපේ දේවල්ය. ඒත් අපේ දේවල් පිට අය දැන ගන්නවාට අපි කැමති නැත. එය අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමකි. බලපෑම් කිරීමකි.

කැමරා වලට පේන හැටියට අපේ හෝටල් වලට ගණිකාවෝ ආවාට ඒ බොහෝ දෙනෙක් කූල් ඩ්‍රින්ක් එකක් බීලා යන්නට එන කුල කාන්තාවෝය. ඉඳහිට විනෝදයට ටෙලියක රඟපෑවාට ගණිකාවෝ නොවෙති. මේ සමහර අයව අපි පාර්ලිමේන්තුවටත් යවන්නේ ඒ නිසාය. අපි මස් කන්නේ මස් ලැබ් වල හැදුවොත් විතරය. හලාල්නම් කොහොමවත් කන්නේ නැත. තැබෑරුම්නම් ලංකාවේ තියෙන්නම විදිහක් නැත. ඒවා වසා ඒවා ඉදිරිපිට දැන් දන්සැල් විවෘත කර තිබේ. ලංකාව පන්සිල් රකින්නන්ගේ රටකි. අපේ රටේ ඉන්නේ 80% ප්ලස් බෞද්ධයෝය.

කොහොම වුණත් ලංකාවේ කවුරුත් ග්‍රීක් කාරයින් වාගේ ගත් ණයට පොලු තියා නැත. ඇමරිකන් කාරයාගේ ඩොලර් සීයත් පොරොන්දු වූ ආකාරයටම ආපසු ගෙවා තිබේ. අපි හොරකම් කර හෝ බොරු කියා ඇති  බවක් කැමරාවේ සටහන් වී නැති නිසා අඩුගානේ අපි 40% ප්ලස් බෞද්ධයින් බව ඇමරිකන් කාරයාටත් අකැමැත්තෙන් හෝ පිළිගන්නට වී තිබේ.

ඇමරිකානුවා අපිව ලොකු ණය අවුලකින් ගලවා ඇත. මේ අනුව අපේ ආර්ථිකේටත් ඇඟිලි ගසා තිබේ. ඒකටනම් කමක් නැත. එය අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් හෝ බලපෑම් කිරීමක් නොවේ. හෝටලේ මැනේජර්ගේ සිට ගණිකාව දක්වා හැමෝම ණය වී ඇත්තේ ඩොලර් වලින් නිසා මෙතන තිබී ඇති අවුල රුපියල් සත වලින් බේරා ගන්නට බැරි එකකි. ඒ නිසා අවුල ලිහන්නට නම් ඇමරිකන් කාරයෙක්ට හවුල් වෙන්නම වෙනවාය.

යාළුවා කිවුවේ පොලිටික්ස් වගේ වෙන දේවල් අඩුකර ඉකොනොමික්ස් වැඩිකර රයිස් එක දාන්න කියලාය. බලාගෙන ගියාම වෙනදා වගේම ඉකොනොමැට්ටා එළවලු, මාළු සියල්ලම දමා ඇතත් අන්තිමට රයිස් එකේ රයිස් නැත. ඉකොනොමැට්ටාවනම් හදන්නම බැරිය.

හොඳ වෙලාවට පොඩි එක්ස්කියුස් එකකුත් තිබේ. පෝෂන් එක ලොකු වැඩි නොකරන ලෙසත් යාළුවා ඉකොනොමැට්ටාගෙන් ඉල්ලා තිබේ.

ඒ නිසා දැනට මේ ස්ටාර්ටර්ස් ටික පමණි. දිරවීමේ පහසුවටය. මේන් කෝස් එක පසුව සර්ව් කරනු ලැබේ.

(ඡායාරූපය adaderana.lk වෙබ් අඩවියෙනි.)

6 comments:

  1. ස්ටාටර් එක නියමයි , හැබැයි ඩොලර් සීය ආපහු අමරිකානුවගේ සාක්කුවේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් ආපහු සාක්කුවට යන ඩොලර් සීයේ වටිනාකම සමාන නෑ.

      Delete
  2. මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාවේ භාවිතා වෙන මෙතැනට ආදාල කියමනක් මෙහෙමයි.

    Its the Economy, stupid!

    මෙතන ඇමරිකන්කාරයා ඩොලර් සීය ණයක් ලෙස හෝටල්කරුට දුන්නා නම්, ගණු දෙනු හමාර වූ පසු පොලිය ලෙස ඩොලර් දෙකකුත් උපයා ගන්න තිබුණා!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ඩොලර් දෙක නොගැනීම තමයි ඡායාරූප සඳහා ඔහු ගෙවූ මිල.

      Delete
    2. හ්ම්, ගණිකාව එයාගේ වගකීම පැහැර හැරලා, සේවාවන් සැපයීමට ලබාගත් අත්තිකාරම මුදලින් පියවීම සුදුසු නෑ, දේශීය ආර්ථිකයට ඩොලර් සීයයක් උපයාගැනීමට තිබූ අවශ්තාව නැතිකරගෙන.

      Delete
  3. කතාව නං තේරුණා ඒත් කියන්ට තමා දෙයක් නැතතෙ
    ඇමරිකන් කාරය මට පේන්නෙ ඩොලර් 100 දීල බොරු පොයියක් දාල තමන්නෙ අවශ්‍ය තාව කරගෙන තියෙනව. කොටිංම ඇස්වලට වැලි ගහල.
    අර ඉරාකෙ න්‍යෂ්ටික අවි හොයනව කියල තෙල්ලිං වලට ගේමදුන්න වගේ
    ඌ අංකූරෙක්.

    වැඩේ කියන්නෙ අනික් හැම කෙනාමත් වැඩේ කරගෙන. ඒත් ලාබෙ ගත්තෙ හරියටම අමෙරිකානුවග. නෙහ්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: